Thursday, April 18, 2024

General line - 0115112241

කතරගම මහාසෙන් මහා දේවාලයේ අයිතිය තීන්දු කරයි

හෙමන්ත කහවලගේ




කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිමේ පිහිටි මහසෙන් දේව මන්දිරයේ සියළු භාරකාරිත්වය විහාරස්ථානය වෙත අද (17) පැවරුණා.

ඒ, හම්බන්තොට මහාධිකරණයේ පැවති නඩු විභාගයක තීන්දුවකට අනුවයි. 

කිරිවෙහෙර පුදබිමේ පිහිටි මහසෙන් දේවාලයට අයිතිවාසිකම් කියමින් හිටපු කපු මහතුන් විසින් මෙම නඩුව පවරා තිබුණා. කෙසේවෙතත් එම නඩුව ඉවත දමමින් හම්බන්තොට මහාධිකරණය ප‍්‍රකාශයට පත් කළේ දේවාලයේ සම්පූර්ණ හිමිකාරිත්වය ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානය සතු බවයි.