Saturday, April 20, 2024

General line - 0115112241

පාවෙන අවි ගබඩාවේ භාරකරු සහ කළමණාකරු යළි රිමාන්ඩ්

රවින්ද්‍ර චන්ද්‍රලාල්




ගාල්ල වරාය ආසන්නයේ ඇව්න්ගාර්ඩ් නෞකාවේ නීතිවිරෝධී ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාවෙන අවි ගබඩාවේ භාරකරු සහ මෙහෙයුම් කළමණාකරු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ලබන 31 වැනිදා දක්වායි.

ඔවුන් ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

මේ අතර වැලිගම පොල්වතුමෝදර නව පාලම රජය මගින් විවෘත කිරීමට පෙර කලහකාරී ලෙස හැසිරී එම පාලම විවෘත කිරීමට තැත් කළ සිද්ධියේ වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ඇතුළු මන්තී‍්‍රවරුන් දස දෙනා අද ඇප මත මුදා හැරුණා.