Friday, April 19, 2024

General line - 0115112241

මුහුදු රළ එකවර දීප්තිමත් නිල් පැහැයක් ගනී (PHOTOS)




පසුගියදා එකවර දිස්වූ දීප්තිමත් නිල් පැහැති රළ පෙළක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබුණා. 

කැලිෆෝනියා සැන් ඩියාගෝ වෙරළේ දිස්වන මෙම නිල්පැහැති රළ පෙළ නැරඹීම සඳහා විශාල පිරිසක් ද එහි පැමිණෙමින් සිටියා. 

ජලයේ වැඩෙන ඇල්ගී වර්ගයක් හේතුවෙන් රාත්‍රියේදී මෙම නිල් පැහැති රළ දිස්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහෙත් පාවෙමින් තිබෙන ජලජ ශාක හේතුවෙන් දහවල් කාලයේදී මුහුද රතු පැහැයෙන් දැකිය හැකි වනවා. සැන් ඩියාගෝ වෙරළ තීරයේ අවසන්වරට මෙවැනි නිල්පැහැති රළ පෙළක් දැකගත හැකිවූයේ 2013 වර්ෂයේදීයි.