Friday, March 29, 2024

General line - 0115112241

ඉදිරියේදී උතුරු කොරියාව පොහොසත් රටක් වෙන බව ට්‍රම්ප් කියයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉදිරියේදී උතුරු කොරියාව පොහොසත් රටක් වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ දෙරට අතර ඉදිරියේදි පැවැත්වීමට නියමිත ඓතිහාසික සාකච්ඡා පිළිබඳ අදහස් දක්වමින්.

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවිහරණ වැඩසටහන කිසිසේත්ම ලිබියාව සම්බන්ධයෙන් අනුගමනය කළ කි‍්‍රයාපිළිවෙතට සමාන නොවන බවයි ට‍්‍රම්ප් අවධාරණය කළේ.

ලිබියාවේ හිටපු නායක මුඅමර් ගඩාෆි 2003 වසරේදී සිය න්‍යෂ්ඨික වැඩසටහන් අත්හරින බවට පොරොන්දු වුණා. එහෙත් අවසානයේ බටහිර රටවලද සහාය මත කි‍්‍රයාත්මක වූ හමුදා කණ්ඩායම් වසර කිහිපයකට පසු ඔහු ඝාතනය කළා.

උතුරු කොරියාවද දැනටමත් සිය න්‍යෂ්ඨික වැඩසටහන් අත්හරින බවට පොරොන්දුවක් දී අවසන්. 

මේ අනුව උතුරු කොරියානු සහ අමෙරිකානු නායකයින් දෙපළ අතර මෙම ඓතිහාසික සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ එළෙඹන ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදීයි.