Thursday, April 18, 2024

General line - 0115112241

යාපනය නගරය පුරා ගීත වාදනය වේ - උතුරේ සැමරුම් සිදුවන්නේ මෙහෙමයි (PHOTOS)

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය/රොමේෂ් මධුෂංඛ




යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සඳහා උතුරේ ස්ථාන කිහිපයක අද (18) විවිධ වැඩසටහන් පැවැත්වුණා.

මුලතිව් නගරයේ කඩසාප්පු වසා දමා හර්තාලයක්ද කි‍්‍රයාත්මක බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ ප‍්‍රධානත්වයෙන් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේදී දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් වැඩසටහනක් පැවැත්වුණා. ඊට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ද එක්ව සිටියා.

මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් යාපනයේ මාර්ග සම්පූර්ණයෙන්ම වසා දමා යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කිරීමට එක්ව සිටින අයුරු දැකගැනීමට හැකි වුණා.

ඔවුන් යතුරුපැදිවල නැගී මාර්ග නීතිද උල්ලංඝණය කරමින් සැමරුම් වැඩසටහන් සදහා ගමන් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් යාපනය නගරය පුරා ශෝක ගීත වාදනය කිරීමටද ඔවුන් කටයුතු කර තිබුණා. එහෙත් පොලීසිය ඒවා නතර කිරීමට පියවර ගනු දැකගත නොහැකි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.