Friday, April 26, 2024

General line - 0115112241

IPL තරගාවලියේ කණ්ඩායම් 05ක් අතර තියුණු සටනක්

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




IPL කි‍්‍රකට් තරගාවලියේ තුන්වන සහ හතර වන ස්ථාන සඳහා කණ්ඩායම් පහක් අතර තියුණු සටනක් ඇති වී තිබෙනවා.

කොල්කටා නයිට් රයිඩර්ස්, මුම්බායි ඉන්දියන්ස්, රෝයල් චැලෙන්‏ජ් බැංගලෝර්, රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් එම කණ්ඩායම් පහයි.

මෙම සියළු කණ්ඩායම්වලට සිය ස්ථානය තහවුරු කර ගැනීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ එක් තරගයක් පමණක්වීමද විශේෂත්වයක්. 

මෙම කණ්ඩායම් අතරින් වැඩිම අවස්ථාවක් ඇත්තේ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමටයි. ඒ, ඔවුන් තරග 13 කින් 7 ක් ජයගෙන දැනටමත් 3 වන ස්ථානයේ පසුවීම හේතුවෙන්.

සෙසු කණ්ඩායම් 4 ම තරග 13 කදී ජයගෙන ඇත්තේ තරග 6 ක් පමණයි. සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් දැනටමත් අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසී අවසන්.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට කලින්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.