Friday, April 19, 2024

General line - 0115112241

මලයාසියාවේ හිටපු අගමැති ලඟ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2.87ක් තිබී පොලිස් භාරයට




මලයාසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට අයත්ව තිබූ වත්කම් අතර ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 2.87 ක් තිබී සොයගෙන තිබෙනවා.

ඔහුට අයත් නිවාස තුනක් වැටලා ඔහු සතු වත්කම් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම මුදල් තොගයද හසුව තිබෙනවා. එරට පොලිසියේ වෙළඳ අපරාධ පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ, ස්වර්ණාභරණ, ඔරලෝසු ඇතුළු තවත් වටිනා දේ ඔහුගේ පවුල සතු වත්කම් අතර තිබූ බවයි.