Thursday, April 25, 2024

General line - 0115112241

මුල්ලිවයික්කාල් සැමරුමට එක්වු පිරිසක් හමුදා නිලධාරීන්ගේ ක්‍රියාව අගයයි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




යුද්ධයෙන් මියගිය සහෝදර දෙමළ ජනතාව සිහි කිරීමට ගමන් කළ ජනතාව වෙනුවෙන් සිසිල් බීම ලබාදීමට මුලතිව් පුදුකුඩිඉරිප්පු යුo හමුදා නි,ධාරීන් අද (18)  කටයුතු කොට තිබුණා.

මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා තවත් විශාල පිරිසක් සහභාගි වු අතර, අදාළ පිරිස් වෙනුවෙන් යුධ හමුදා නිලධාරීන් විසින් එම සිසිල් බීම සංග්‍රහය ලබාදුන්නා.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරමින් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මුල්ලිවයික්කාල් සැමරුම සංවිධානය කොට තිබිණා. මුල්ලිවයික්කාල් සැමරුමට එක්වු පිරිසක් පැවසූවේ යුධ හමුදා නිලධාරීන් සිදුකළ ක්‍රියාව අගය කරන බවයි.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ යුද හමුදා නිලධාරීන් විසින් බීම සංග්‍රහය සිදුකළ බව මුලතිව් යුධ හමුදා නිලධාරීන් පැවසුවා. උතුරේ ආරක්ෂක අංශ පැවසූවේ ජාති භේද නොතකා සියළු ජනතාව සහජීවනයෙන් ජිවත්වීමේ වටපිටාවක් වර්තමානයේ සැකසී ඇති බවයි.