Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකාවේ පාසලක වෙඩි තැබූ සිසුවා අත්අඩංගුවට

සජිත් තිලකරත්න




අමෙරිකාවේ ටෙක්ස්සාස්හි උසස් පාසලක සිදුවූ විවෘත වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙක් බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

මෙම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් නවදෙනෙකු සහ ගුරුවරයෙකු මියගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සදහා ඔහු ගිනි අවි දෙකක් භාවිත කර ඇතැයි ද එයින් එකක් ඔහුගේ පියාට අයත් රිවෝල්වරයක් බවද විදෙස් වාර්තා පවසනවා.