Thursday, April 25, 2024

General line - 0115112241

දකුණු කොරියානු හා අමෙරිකානු ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. ඒ, උතුරු කොරියාව සහ අමෙරිකාව අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ඓතිහාසික සමුලූව පිළිබඳවයි. විනාඩි 20ක පමණ කාලයක් පුරා පැවැති මෙම දුරකථන සංවාදයේදී, ඉකුත් දින කිහිපයේ උතුරු කොරියාවේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව විදෙස් වාර්තාවන්හි සඳහන්. 

අමරිකාව සහ දකුණු කොරියාව එක්ව ඉකුත් දා සිදුකළ හමුදා අභ්‍යාසනයන්ට ප‍්‍රතිචාර දක්වමින් අදාළ සමුළුවෙන් ඉවත්වන බවට උතුරු කොරියාව තර්ජන එල්ල කළා. එහෙත් අමරිකාව තවමත් පවසන්නේ තම රට එම සාකච්ඡා සඳහා සූදානමින් සිටින බවයි. 

මේ අතර අමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් අතර හමුවක් එළඹෙන අඟහරුවාදා අමරිකාවේ වොෂිංටන් නුවරදී පැවැත්වෙනවා. එහිදී අමරිකාව සහ උතුරු කොරියාව අතර ජූනි මස 12 වනදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ඓතිහාසික සමුළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.