Friday, April 19, 2024

General line - 0115112241

පාසල් ගුරුවරුන්ට අවි පුහුණුව සහ ගිනි අවි දෙන්න යයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පාසල් ගුරුවරුන්ට ආයුධ ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ ප‍්‍රාන්තයේ පාසල් තුළ දිගින් දිගට සිදුවන වෙඩි තැබීමේ සිද්ධි පදනම් කර ගනිමින් බලධාරීන් මෙම තීරණයට එළඹ ඇති බවයි. ඒ අනුව පාසල්වල ගුරුවරුන් ආයුධ සන්නද්ධව ඒ සඳහා මනා පුහුණුවකින් යුතුව සිටියහොත් කිසියම් හදිසි අවස්ථාවකදී ඔවුන්ට ක්ෂණිකව ප‍්‍රතිචාර දැක්වීමට හැකි බවයි අපේක්ෂා කරන්නේ.

අමරිකාවේ පාසල් ඉලක්ක කර මෑතක සිට තුවක්කුකරුවන් විසින් විටින් විට ප‍්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඉන් වැඩි අවදානමක් මතුව ඇත්තේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පිහිටි පාසල් වෙතයි. ඒ හමුවේයි ටෙක්සාස් ප‍්‍රාන්තයේ පිහිටි පාසල්වල ගුරුවරුන් මෙලෙස ආයුධ සන්නද්ධ කිරිමට යෝජනාවක් ඉදිරිපත්වී ඇත්තේ.

එම යෝජනාවට අනුව ගුරුවරුන්ට එකවර ආයුධ කිහිපයක් වුවද භාවිත කිරිමට අවස්ථාව හිමිවනවා. මීට පෙරද මෙවැනි යෝජනාවක් ඉදිරිපත්ව තිබූ අතර ගිනි අවි භාවිත කිරීමේ හැකියාව පවතින ගුරුවරුන් සඳහා ප‍්‍රසාද දීමනාවක් ලබා දීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ද ඉකුත් දා සූදානම් වුණා. 

එසේම පාසල් තුළ පවතින ඇතුළුවීමේ දොරටු සහ පිටවීමේ දොරටු වැඩි කිරීම සම්බන්ධයෙන්ද මේවනවිට අමෙරිකානු බලධාරීන්ගේ අවදානය යොමුව ඇතැයි සඳහන්.