Friday, April 26, 2024

General line - 0115112241

රාජකීය මංගල්‍යට පැමිණි අමුත්තිය ගැන ලොවම කතා කරයි (PHOTOS)

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉකුත් දා සිදු වූ රාජකීය මංගල්‍යය ලෝකයේ කාගේත් කථා බහට ලක්වුණා. 

එහිදී වැඩිම අවදානය දිනා ගත් චරිත දෙක වූයේ හැරී කුමරු සහ ඔහුගේ අතගත් මේගන් ආදිපාදවරියයි. 

එහෙත් මේ වන විට විවාහ මංගල්‍යයට පැමිණි අමුත්තියක් පිළිබඳවද ලෝකයේ අවදානය යොමුව තිබෙනවා. 

ඒ ඇගේ රූපය හැරී කුමරුගේ මව වන ඩයනා කුමරියට යම්තාක් සමාන වීමත් ඩයනාගේ විලාසිතාවකට සමාන විලාසිතාවකින් සැරසී විවාහ මංගල්‍යයට සහභාගී වීමත් සමගයි.

ඇගේ නම Kitty Spencer. මේ කවුදැයි ලෝකයම සොයද්දී අනාවරණය වුණේ ඇය ඩයනාගේ බාල සොහොයුරු Charles Spencer ගේ දියණිය බවයි.

Kitty Spencer ගේ රූපය මෙන්ම ඇයගේ විලාසිතාවද මේ වන විට රාජකීය විවාහය අභිබවා කථා කරන මාතෘකාවක් වෙමින් පවතිනවා.

ඩයනා කුමරිය මිය යන විට Kitty Spencerගේ වයස අවුරුදු 06ක්.

ඇය සිය නැන්දණිය වූ ඩයනා කුමාරියගේ විලාසිතාවකට සමාන විලාසිතාවකින් සැරසී විවාහ මංගල්‍යයට සහභාගී වී සිටි ජායාරූප පහතින් දැක්වෙයි.