Tuesday, April 16, 2024

General line - 0115112241

ආපදාවන්ට ලක්වූ ජනතාවට ජනපතිගෙන් පණිවිඩයක් (PHOTO) (UPDATE)

දිනුක් හේවාවිතාරණ / ඩිල්ෂාන් මඩවල




පවතින අයහපත් කාලගුණයෙන් පිඩා විදින මහජනතාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබා තිබෙනවා. ඒ ආපදාවන් ගැන රාජ්‍ය නිළධාරීන්ට දැනුම් දුන්නත් ඔවුන්ගේ සහය නොලැබුණේ නම් "ජනපතිට කියන්න 1919" දුරකථන අංකය ඔස්සේ හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙසයි.

 

 

 

..............................................................................................................................................................

සහන සේවා සදහා ජනපතිගෙන් උපදෙස් 

(21-05-2018 17:08)

වැසි හේතුවෙන් විපතට පත්ව සිටින්නන්ට කඩිනමින් සහන සලසන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අදාල අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මූල්‍ය ප‍්‍රතිපාදන ඊට බාධාවක් කර නොගන්නා ලෙසයි ජනාධිපති වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.