Friday, April 26, 2024

General line - 0115112241

ආපදා සහන සැපයීම ගැන අගමැතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක්

ඩිල්ෂාන් මඩවල




ආපදා සහන සේවා සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද රැස්වීමක් පැවැත්වුණා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් එස් අමලනාදන් පවතින තත්වය පිළිබද මෙහිදී කරුණු පැහැදිලි කළ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. සහන සේවා සදහා දැනට ගෙන ඇති පියවර පිළිබද ස්වදේශ කටයුතු අමාත්‍යංශය අතිරේක ලේකම් ඒ ඒ එන් සිල්වා කරුණු පැහැදිලි කර තිබෙනවා. 

විපතට පත් වූවන්ට සහන සැලසීම සදහා අවශ්‍ය තරම් ප‍්‍රතිපාදන දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ. දිස්ත‍්‍රික් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් සමග එක්ව සහන සේවා සදහා පෙරමුණ ගන්නැයි අග‍්‍රාමාත්‍යවරයා පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා  නියෝජිතයන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළා.