Wednesday, April 24, 2024

General line - 0115112241

ඇල මාර්ග දෙපස අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට උපදෙස්

ඩිල්ෂාන් මඩවල




ජලය බැසයාම අවහිර කරමින් කඩුවෙල, කොලොන්නාව, බියගම සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ඇල මාර්ග දෙපස ඇති අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ සදහා වහාම පියවර ගන්නැයි අමාත්‍ය පාඨලී චම්පික නාගරික සංවර්ධන අධිකාරියට සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අද (21) උපදෙස් ලබා දුන් බවයි බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ. මෙම ඉදිකිරීම් නිසා ජලය බැස නොයාමෙන් ගංවතුර අවධානම වැඩි වන බව හදුනාගෙන තිබෙනවා. ඒ අනුවයි ඒවා කඩා ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ.