Saturday, April 20, 2024

General line - 0115112241

බිම්මල් ආහාරයට ගත් පුද්ගලයින් 11ක් මරුට : 800 ක් රෝහලේ

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




විෂ සහිත බිම් මල් වර්ගයක් ආහාරයට ගැනිම හේතුවෙන් පුද්ගලයින් 800 කට අධික පිරිසක් රෝහල් ගත කිරිමට සිදුවු පුවතක් බටහිර ඉරාණයෙන් වාර්තා වනවා.

පසුගිය මාස කිහිපයේදි බටහිර ඉරාණයට ඇදහැළුනු වර්ෂාවෙන් අනතුරුව මෙම බිම් මල් වර්ගය කදු ආශ්‍රිත ප්‍රදේශවල බහුලව හට ගෙන ඇති අතර වෙළදුන්  විසින් ඒවා වෙලදපලට ගෙන් ඒමත් සමග පාරිභෝගිකයින් බහුල වශයෙන් එම බිම් මල් වර්ගය පරිභෝජනයට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ. 

එම විෂ සහිත බිම් මල් වර්ගයට ආහාරයට ගනු ලැබු පුද්ගලයින් 11 දෙනෙක් මේ වන විට මියගොස් ඇති අතර පුද්ගලයින් 800 දෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා.

බිම මල් ආහාරයට ගැනිමට අවශ්‍ය නම් වෙළදපලේ ආරක්ෂිත ඇසුරුම් කර තිබෙන, ප්‍රමිතියෙන් යුත් ඒවා පමනක් ආහාරයට ගන්නා මෙන් ඉරාණ රජය එරට ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

ඉරාණයේ ජනතාව අතර බිම් මල් ඉතා ජනප්‍රිය ආහාරයක් බවයි වාර්තා වන්නේ.