Wednesday, April 24, 2024

General line - 0115112241

ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කරන බව දන්වයි (UPDATE)

දිනුක් හේවාවිතාරණ/ සුපෙම් මානගේ/කසුන් කැළුම්/පසන් වික්‍රමතිලක




ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයක විදුලි පාරිභෝගිකයින් 15000 කට විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කළ බව  විදුලිබල අමාත්‍යංශය සඳහන් කරනවා.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම පියවර අනුගමනය කරනු ඇති. 

-----------------------------------

ප්‍රධාන ගංගා ගැන තවදුරටත් අවධානයෙන් සිටින්න (UPDATE)

(22-05-2018 08:49)

 

ප‍්‍රධාන ගංඟාවල ජල මට්ටම් පිළිබඳව තවදුරටත් අවදානයෙන් පසුවන ලෙස එම ගංගා දෙපස සිටින ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

කැළණි, කළු, ගිං, නිල්වලා, මා ඔය සහ අත්තනගලූ ඔය යන ගංඟාවල ජල මට්ටම් පිළිබඳව මෙලෙස දැනුම් දෙනවා.

මේ අතර දිස්ති‍්‍රක්ක 05කට නිකුත් කළ නායයාම් පිළිබඳ රතු නිවේදනය තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ පිළිබඳ අදහස් දක්වන එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස පෙන්වා දුන්නේ "අදියර තුන යටතේ රතු නිවේදන නිකුත් කර ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කය, කෑගල්ල දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ සඳහායි. ඇතැම් ප්‍රදේශයලට අදියර එක සහ දෙක යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළා." යනුවෙනි.

වර්ෂාව අඩුවුවද නායයාම් පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ. 

 

(ප‍්‍රධාන ගංඟාවල ජල මට්ටම් පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙයි)

 

---------------------------------------

වැසි සහිත කාලගුණය තවදුරටත් 

(22-05-2018 05:59)

 

දිවයිනේ නිරිත දිග කොටසට අද (22) දිනයේත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. 

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත් වලට අද දිනයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවනු ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. මෙම පළාත් වලට මිලිමීටර් 75 ට වැඩි තරමක වැසි බලාපොරොත්තු වනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලටද සවස 2:00 න් පසු වැසි ඇති වන අතර අකුණු අනතුරු අවම කර ගැනීමට මහජනතාව කටයුතු කරන මෙන්ද දන්වා සිටිනු ලබනවා.