Saturday, April 20, 2024

General line - 0115112241

ලංකාව වෙනුවෙන් facebook සමාගම "ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රමවේදය" සක්‍රීය කරයි

දිනුක් හේවාවිතාරණ




දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය සිය පාරිශිලකයින්ගේ සුරක්ෂිතභාවය උදෙසා වු " ආරක්ෂිත තහවුරු කිරිමේ" (Saftey Check) ක්‍රමවේදය මීට සුළු මොහොතකට පෙර සක්‍රීය කරනු ලැබුවා.

හදිසි ආපදාවලදී මෙම මෙවලම හරහා තමන් ආරක්ෂිතද යන්න තම පවුලේ අයට සහ හිතවතුන්ට දැන ගැනිමට මෙම ක්‍රමවේදය සහයක් වනවා.

දිනෙන් දින ලොවපුරා සිදුවන මෙවැනි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ෆේස්බුක් සමාගම 2015 වර්ෂයේ ඔක්තෝම්බර් මස 15 වැනිදා මෙය හදුන්වා දෙනු ලැබුවා.