Friday, April 26, 2024

General line - 0115112241

අවසානය පෙනි පෙනී ඔක්සිජන් අවසන්ව බිඳ වැටුණු බලාපොරොත්තුව 'ජොහාන්' යළි ජය ගත් හැටි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ශ්‍රි ලාංකිකයෙක් වන ජොහාන් පීරිස් අද (22) අලුයම ලොව උසම කන්ද වන අඩි 29,029ක් උසින් යුක්ත එවරස්ට් කන්ද තරණය කල බව nethnews.lk වෙත වාර්තා වුණා.

මේ අනුව එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රි ලාංකිකයා බවට ඔහු පත්වනවා.

නේපාල වෙලාවෙන් අද අලුයම 5:55 ට පමණ ඔහු එවරස්ට් කදු මුදුනට ළඟා වු බවයි වාර්තා වන්නේ.

මීට පෙර 2016 වර්ෂයේදී ජොහාන් පීරිස් විසින් එවරස්ට් කන්ද තරණය කිරිමට උත්සහ කලත් කදු මුදුනට මිටර් 400ක් පමණ ආසන්නයේදී ඔහුගේ ඔක්සිජන් ටැංකිය අවසන් වීම නිසා සිය බලාපොරොත්තුව අත්හැරිමට සිදුවුනා.

එවරස්ට් කන්ද තරණය කිරිමෙන් අනතුරුව ජොහාන් පීරිස් මේ වන විට යලි සිය ප්‍රධාන කඳවුර බලා ගමන් කිරිම ආරම්භ කර ඇති අතර එයට දින 02ක කාලයක් ගතවන බවයි දැනගන්නට ලැබෙන්නේ. එමෙන්ම එම ගමන ඉතා දුෂ්කර හා අසීරුතාවයන්ගෙන් යුක්ත වනවා.

එවරස්ට් කන්ද තරණය කල මුල්ම ශ්‍රි ලාංකිකයා වන්නේ ජයන්ති කුරු උතුම්පලායි. ඒ 2016 වසරේදී විමද විශේෂත්වයක්.