Saturday, April 20, 2024

General line - 0115112241

විපතට පත්ව කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ පිරිස් වෙත නෙත් ‘‘සහන මැදිරිය’’ පිහිට වෙයි (UPDATE)




විපතට පත්ව එහෙත් කිසිවෙකුගේ අවධානයට ලක්නොවූ පිරිස් වෙත කඩිනමින් සහන සැපයීම සඳහා නෙත් එෆ්. එම්. රේඩියෝව දියත් කළ ආපදා සහන සේවා සම්බන්ධිකරණ මැදිරිය ද යුහුසුළුව කටයුතු කරමින් සිටිනවා.

විපතට පත්වූවනගෙන් ලැබෙන මැසිවිලි අදාළ බලධාරී ආයතන වෙත වහාම සන්නිවේදනය කර සහන කඩිනම් කිරිමයි මෙමගින් සිදු කෙරෙන්නේ. 

පවතින ආපදා තත්ත්වයන්ගෙන් ඔබත් විපතට පත්ව සිටීනම් සහ සහන තවමත් නොලැබුණේ නම් ඒ බවද නෙත් නිවුස් ආපදා සහන සේවා සම්බන්ධීකරණ මැදිරිය වෙත දැනුම් දිය හැකියි.

0112 50 70 80, 0727 372 372 සහ 077 200 18 65 යන දුරකථන අංක ඒ වෙනුවෙන් විවෘතව තිබෙනවා.

 

-------------------------------

නෙත් එෆ්. එම්. සහන සේවා මැදිරිය තවදුරටත් ක්‍රියාත්මකයි (UPDATE)

(23-05-2018 06:48)

 

ආපදාවලින් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා මැදිහත්වීමට නෙත් එෆ්. එම්. රේඩියෝව දියත් කළ  ‘‘සහන මැදිරිය’’ තවදුරටත් ක්‍රියාත්මකයි. 

ආපදා හේතුවෙන් විපතට පත් කිසියම් හෝ පුද්ගලයෙකුට මෙතෙක් කිසිඳු සහන සේවාවක් නොලැබුනේ නම් ඒ පිළිබඳ අපව දැනුවත් කිරීමට අවස්ථාව පවතිනවා.

ඔබට සවියක් වන්නට නෙත් එෆ්. එම්. රේඩියෝව සූදානම්.

ඒ අනුව 0727 372 372 , 077 200 18 65 හෝ 011 250 70 80 අංක ඇමතීමෙන් ඔබට තොරතුරු ලබාදිය හැකියි.

මේ අතර ඊයේ දිනයේ නෙත් එෆ්. එම්. රේඩියෝවේ ‘‘සහන මැදිරිය’’ වෙත විශාල ඇමතුම් ප්‍රමාණයක් ලැබී තිබුණා. ඒවා සම්බන්ධයෙන් නිවරැදි දැනුවත් කිරීම් ලබා දී සාර්ථක විසඳුම් ලබා දීමට හැකි වූ බවයි සහන මැදිරියේ සිටින මෙහෙයුම් නිලධාරීන් සඳහන් කළේ.     

-----------------------------

නෙත් එෆ්. එම්. සහන සේවා මැදිරිය යළිත් සක්‍රීයයි

(22-05-2018 08:28)

 

 

ආපදාවලින් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා මෙවරත් ‘‘නෙත් එෆ් එම් සහන සේවා මැදිරිය’’ දැන් කි‍්‍රයාත්මකයි.

ආපදා හේතුවෙන් විපතට පත් යම් අයෙකුට මෙතෙක් කිසිඳු සහන සේවාවක් නොලැබුනේ නම් ඒ පිළිබඳ අපව දැනුවත් කිරීමට ඔබට හැකියාව පවතිනවා. ඔබට සවියක් වන්නට අප සූදානම්.

ඒ සඳහා පහත දුරකන අංක ඔස්සේ නෙත් ආපදා සහන සේවා මැදිරියට සම්බන්ධ විය හැකියි.

0727 372 372 , 0777 200 18 65 හෝ 011 250 70 80 අංක ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.