Tuesday, March 19, 2024

General line - 0115112241

උද්ධමනය අඩු වෙලා




පිට පිටම 6වන මාසයටත් උද්ධමනය අඩු වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඉකුත් අපේ‍්‍රල් මාසයේදී උද්ධමනය සියයට 1.6ක් පමණක් බවයි එහි නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

2016 වසරේ පෙබරවාරී මාසයෙන් පසු මේ දක්වා වාර්තා වී ඇති අවම උද්ධමනයද මෙය වන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවා.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී උද්ධමනය සියයට 8.8ක්. නොවැම්බරයේදී සියයට 8.4ක් දක්වාත් දෙසැම්බර් මාසයේදී 7.3ක් දක්වාත් එය අඩු වුණා.

ඉකුත් ජනවාරි මාසයේ උද්ධමනය සියයට  5.4ක්. පෙබරවාරී මාසයේදී 3.2ක් හා මාර්තු මාසයේදී 2.8ක් දක්වා එය අඩු වී තිබෙනවා. 

ඉකුත් අපේ‍්‍රල් මාසයේදී උද්දමනය සියයට 1.6ක් දක්වා තවදුරටත් අඩු වීමට බලපා ඇත්තේ එළවළු, ලොකු ලූණු, පොල්, බිත්තර, කඩල සහ සහල් වැනි ආහාර ද්‍රව්‍යයන්ගේ සිදු වූ මිල පහල යාමයි.

කෙසේ වෙතත් ඉකුත් අපේ‍්‍රල් 28 වැනිදා කෙරුණු ගෑස් මිළ වැඩි කිරීම ආහාර නොවන කාණ්ඩයේ වියදම් යම් තරමකින් වැඩිවී ඇතැයිද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියා සිටියා.