Friday, March 29, 2024

General line - 0115112241

ආපදාවට ලක් වූ ජනතාවට කඩිනමින් අත්‍යවශ්‍ය වියළි ආහාර




ආපදා පවතින ප‍්‍රදේශවල ජනතාවට ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය කඩිනමින් සැපයීමට පියවර ගන්නා ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවල ඉල්ලීම පරිදි වහාම එම ආහාර ලබාදෙන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

අත්‍යවශ්‍ය ආහාර හිගයකින් තොරව බෙදා හරින ලෙසටත් ආපදා සහිත ප‍්‍රදේශවල සතොස ගබඩා තවදුරටත් පුළුල් කරන ලෙසටත් මෙහිදී උපදෙස් ලබාදී ඇති බවද සදහන්. ආපදා කළමණාකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡුා කර අත්‍යවශ්‍ය ආහාර ගුවන් මගින් හෝ යාත‍්‍රා මගින් බෙදාහැරීමටද කටයුතු කරනු ඇති.