Friday, April 19, 2024

General line - 0115112241

නිපා පැතිරෙයි : ඉන්දියාවේ 10 දෙනෙක් ගොදුරු වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නිපා නමින් හැදින්වෙන දරුණු වෛරසයක් මේ වනවිට ඉන්දියාවේ පැතිර යමින් තිබෙනවා. ඉන් වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ කේරළ ප‍්‍රාන්තයටයි. වෛරසයට ගොදුරුවීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇති සංඛ්‍යාව දස දෙනෙක්. උණ, වමනය සහ හිසරදය එහි රෝග ලක්‍ෂණ වනවා. 

වෛද්‍යවරුන් පවසන්නේ සතුන්ගෙන් මිනිසුන්ට මෙම වෛරසය බෝ වන බවයි. වෛරසය පාලනය කළ හැකි එන්නතක් ද මේ දක්වා සොයාගෙන නැහැ. වෛරසය වැළදෙන සියයට 70 ක් ජීවිතක්‍ෂයට පත්වන බවයි වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ. ඉදිරියේදී ලොවපුරා පැතිර යා හැකි මීළග වසංගත රෝගය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත්තේද නිපා වෛරස් රෝගයයි.