Friday, April 26, 2024

General line - 0115112241

වන්දි ලැබෙන හැටි පැහැදිළි කරයි

මේනකා රත්නායක




ආපදාවලින් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය සියළු ප‍්‍රතිපාදන සුදානම් කර ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ චමින්ද පතිරණ පැවසුවේ සහන සැලසීම සඳහා රුපියල් මිලියන 14.7 ක් දැනටමත් බෙදා දී ඇති බවයි. 

එහිදී මිය ගිය පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් හිමිවෙන අතර මරණයේ කටයුතු සිදු කර ගැනීම සඳහා රුපියල් පහළොස්දහසක මුදලක් ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරී හරහා ක්ෂණිකව ලබා දීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන්නා. ඉතිරි රුපියල් 85000 සේ මුදල අදාළ අයගේ මරණ සහතිකය ඉදිරිපත් කිරීමෙන් පසු ලබා ගත හැකි බවද සඳහන් කළා.

අදියර දෙකක් යටතේ සහන ලබාදීම සිදුවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ආපදා සිදුවූ දිස්ත්‍රික්කවලට වෙන් වෙන් වශයෙන් මුදල් යොමු කර ඇති බවද සඳහන් කළා.

ආපදා හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වී තිබෙනවා. ඉන් සිව් දෙනෙකුම ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ අකුණුසැර වැදීමෙන්. ආපදා හේතුවෙන් පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව හැට දහසකට අධිකයි.