Thursday, April 25, 2024

General line - 0115112241

පොලිසිය එපා කියද්දී ගිය යතුරුපැදිකරුට වෙච්ච දේ (PHOTOS)

ජූඩ් සමන්ත




හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී මාර්ගය හරහා ගලා යන සැඩ ජල පහර හරහා ගමන් නොකරන ලෙස පොලීසියෙන් ලබා දුන් උපදෙස් නොපිළිගෙන ගිය යතුරු පැදියක් එහි යතුරුපැදිකරු සමග ජලයේ ගසා ගෙන ගොස් තිබෙනවා.

පසුව එම ස්ථානයේ සිටි මාදම්පේ පොලිස් නිලධාරීන් සහ තරුණයින් පිරිසක් විසින් දියේ ගසාගෙන යමින් සිටි එම පුද්ගලයාව බේරා ගෙන තිබෙනවා. 

කෙසේවෙතත් ඔහුගේ යතුරු පැදිය සොයා ගැනීමට හැකි වී නැහැ.