Saturday, April 20, 2024

General line - 0115112241

තීරණාත්මක IPL සටනේදී අනපේක්ෂිත ප්‍රහාරයකින් ජය පැරදුම වෙනස් වෙයි (VIDEO)




IPL කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුස්සන් තෝරන පළමු තරගය මුම්බායිහි වන්කඩේ කි‍්‍රඩාංගනයේදි ඊයේ (22) පැවැත්වුණා.

එම තරගය වෙත ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ තරගයේ අවසන් අර්ධයේ එල්ල වූ අනපේක්ෂිත පිති ප්‍රහාරය හේතුවෙන්. 

තරගය පැවැත් වුණේ සන්රයිසස් හයිද්‍රබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතරයි. 

මෙම කණ්ඩායම් දෙකම මෙවර අයි පී එල් තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග 14න් තරග 9ක් බැගින් ජය ගැනීමට සමත්වුණා. 

ඊයේ පැවැති තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 139ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් ලබා ජයග්‍රායි ඉලක්කය පසු කළා. ඒ අනපේක්ෂිත ප්‍රහාර මාලාවකින්. මේත් සමගින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)