Saturday, April 20, 2024

General line - 0115112241

කඩුවෙලට පිවිසෙන පාලම ගිලා බැසීමේ තත්ත්වයක් - එක් මංතීරුවක් පමණක් විවෘත කරයි (PHOTOS) (UPDATE)




අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කඩුවෙල කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙලට පිවිසෙන ස්ථානයේ පාලම ගිලා බැසීමේ අවධානමකට ලක්ව පැවතීම හේතුවෙන්  මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් සිදු කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට එම මාර්ගයේ එක් මංතීරුවක් පමණක් ගමනාගමනය සඳහා විවෘත කිරීමට පියවර ගැණුනා.

----------------------------

කඩුවෙලට පිවිසෙන පාලම ගිලා බැසීමේ තත්ත්වයක් - වාහන ධාවනය වහා නවතයි

(23-05-2018 11:27)

 

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කඩුවෙල කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙලට පිවිසෙන ස්ථානයේ පාලම මේ වන විට ගිලා බැසීමේ අවධානමකට ලක්ව පවතින බව පොලිසිය දැනුම්දීමක් සිදු කරනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දමා ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

ඉහත මාර්ගයේ ගමන්ගන්නා රියදුරන් සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ඉල්ලීමක්ද සිදු කරනවා.