Thursday, April 25, 2024

General line - 0115112241

ලොව පුදුම කරමින් IPL පිටියේ රැකගත් උඩපන්දුවල වීඩියෝව මෙන්න 

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ක්‍රීඩා ලෝකයේ මේ දින වල වැඩි කථාබහකට ලක්ව ඇති තරගාවලියක් වන්නේ අයි පී එල් ක්‍රිකට් තරගාවලියයි.

ඒ අතරින් කාගේත් අවධානය යොමු වූ ප්‍රධාන සිද්ධියක් වූයේ මෙවර තරගාවලියේදී ක්‍රීඩකයින්ගේ පන්දු රැකීමයි.

ඇතැම් ක්‍රීඩා විචාරකයින් පවසා තිබුණේ මෑත කාලයේ පැවති ක්‍රිකට් තරගාවලි සැලකීමේදී විශිෂ්ටම උඩ පන්දු රැක ගැනීම සිදු වූයේ මෙවර අයි පී එල් තරගාවලියේදී බවයි.

ඊට සාක්ෂි සපයමින් අයි පී එල් පිටියේ ක්‍රීඩකයින්ගේ විශිෂ්ට උඩ පන්දු රැක ගැනීම් අලලා නිර්මාණය කල වීඩියෝ පටයක්ද එක් කර තිබුණා.

ඊයේ (22) පැවති තරගයේදීද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ රැකගත් විශිෂ්ට උඩ පන්දුවද මේ වන විට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානයට යොමුව තිබෙනවා.