Thursday, April 25, 2024

General line - 0115112241

වැස්ස තවදුරටත් වැඩිවේ..! කාළගුණයෙන් නිවේදනයක්...!




දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර,දකුණ,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තුව ප්‍රකාශ කරන්නේ.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100-150ක පමණ තද වැසි ඇති විය හැකි අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටිනවා.