Friday, April 19, 2024

General line - 0115112241

කඳුකරයට යළිත් තද වැසි. රියදුරන්ට පොලීසියෙන් උපදෙස් (PHOTOS) (VIDEO)

හැටන් රංජිත් රාජපක්‍ෂ




මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද(23) පෙරවරුවේ සිට යලිත් තද වැසි ලැබෙමින් පවතිනවා.

එසේම අධික වර්ෂාවත් සමගම මධ්‍යම කදුකරයේ ප්‍රධාන මාර්ගවල ඝණ මිදුම් තත්ත්වයක්ද බවතින බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් රථවාහන ගමනා ගමනයට ද දැඩි ලෙස බාධා එල්ල වී තිබෙනවා.

හැටන් නුවරඑළිය  සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම  ඝණ මිදුම් තත්ත්වය පවතිනවා.

මේ හේතුවෙන් ඝණ මිදුම පවතින අවස්ථවල  එම මාර්ගවල වාහන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා