Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් ලක්ෂ හැටදහසක ආදායමක් !




පසුගිය මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 60000ක ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි.මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ක්‍රීඩාවකට ලද ඉහළම ආදායම ලෙසද සඳහන්වේ.

එහිදී 35% ඉතුරුම් ප්‍රතිශතයක් වාර්තා කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 21 000ක මුදලක ශුද්ධ ලාභයක්ද ලබා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2017 වසර සඳහා එළිදක්වනු ලැබූ වාර්ෂික මූල්‍ය වාර්තාවේ මේ පිළිබඳ සඳහන් විය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ මූල්‍ය ප්‍රගතිය මත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වැටුප් 2018-2019 වසරේදී 34%කින් ඉහළ නැංවීමටද පසුගියදා කටයුතු කෙරිණ.