Thursday, April 25, 2024

General line - 0115112241

කිලිනොච්චියේ හිටපු කොටි සාමාජිකයෙකුගේ නිවස අසලින් හමුවුන දේ (PHOTOS)

වන්නි - රොමේෂ් මධුෂංඛ




කිලිනොච්චියේ හිටපු කොටි සාමාජිකයෙකුගේ නිවස අසල වලදමා තිබූ ස්කෑනර් යන්ත්‍රයක් හා පතුරම් තොගයක් අද (23) දහවල් පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව සිදුකළ පරීක්ෂාවකදී සොයා ගෙන තිබෙනවා.

කිලිනොච්චිය ,ධර්මපුරම් යුනිට් හත ප‍්‍රදේශයේ තිබී මෙලෙස සොයාගෙන ඇත්තේ ලෝහ උපකරණ සෙවීමට ගන්නා ස්කෑනර් යන්ත‍්‍රයක් හා ජීව පතුරම් තොගයක් බවයි වාර්තා වන්නේ.

වවුනියාව පරයානම්කුලම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝගය යටතේ ආරක්ෂක අංශ නිලධාරීන් හා පොලිසිය විසින් මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

එහිදී අදාල හිටපු කොටි සාමාජිකයාගේ නිවස ආසන්නයේ සැක සහිත ස්ථානයක් බැකෝ යන්ත‍්‍රයක ආධාරයෙන් සිදු කළ කැණීමකදී පොළව අභ්‍යන්තරයේ යකඩ පෙට්ටියක සූක්ෂම ලෙස අසුරා තිබූ ස්කෑනර් යන්ත‍්‍රය සහ පිස්තෝල සඳහා යොදාගන්නා ජීව පතුරම් තොගයක්ද  සොයා ගෙන තිබෙනවා.

ජීව උණ්ඩ හා ස්කෑනර් යන්ත‍්‍රයේ කොටස් නොදිරන ලෙස පොලිතින් හා ග‍්‍රීස් යොදා අසුරා තිබූ බවද පොලිසිය සඳහන් කරනවා.