Friday, April 26, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි




රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයකු වන එම්. එච්. එම්. නවාවි සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂයක් ලෙස ලැබුණු මන්ත්‍රී කෝටාව අනුව එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ඔහු මෙලෙස ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව ප්‍රකාශ කර තිබුනේ නැහැ.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.