Thursday, April 25, 2024

General line - 0115112241

කැළණි ගගේ ජල මට්ටම නාගලගම්වීදියෙන් තවමත් වෙනස් නොවේ

ඉෂාර සුපෙම් මානගේ




ගෙවී ගිය පැය කිහිපය තුළ ගංගා නිරීක්ෂණයේදී සමස්ථයක් ලෙස ජලය බැස යාමක් නිගමනය කළ හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ පවසනවා.

nethnews.lk කළ විමසීමකදී සඳහන් කළේ ඊයේ (23) රාත්‍රියේ දැඩි වර්ෂාවක් නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති ව තිබෙන බවයි.

කෙසේවෙතත් කැළණි ගගේ ජල මට්ටම හංවැල්ල ස්ථානයෙන් අඩුවීමක් පෙන්නුම් කළත් නාගලගම්වීදිය ස්ථානයෙන් තවදුරටත් ජල මට්ටම නොවෙනස්ව පවතින බවත් පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි සඳහන් කෙරුණේ.

කැළණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ, ගිං ගඟ සහ අත්තනගලු ඔය සමස්ථයක් ලෙස නිරීක්ෂණයේදී ජලය බැස යෑම ඉතා සෙමෙන් සිදුවන බවද පෙන්වා දුන්නා. අත්තනගලු ඔය දූනමලේ ස්ථානයෙන් සුළු වැඩිවීමක් පෙන්නුම් කර ඇති බවද සඳහන් කළා.