Thursday, April 18, 2024

General line - 0115112241

බෝ වන රෝග වේගයෙන් පැතිරිය හැකියි - සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

සමන්ත කුමාර/පසන් වික්‍රමතිලක




වැසි සහ ආපදා සමග ඇතැම් බෝ වන රෝග වේගයෙන් පැතිර යාමේ අවදානමක්ද ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ජනතාව මේ පිළිබඳවද විමසිල්ලලෙන් කටයුතු කළ යුතු බවයි අවධාරණය කෙරුණේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව පෙන්වා දුන්නා.

ජලය උණුකර නිවා පානය කරන්නැයි ද මෙහිදී සිහිකැඳවිමක් කෙරුණා. පලා වර්ග ආහාරයට ගැනීමේදීද ලූණු දමා සෝදා පිළියෙළ කර ගැනීම වඩාත් සුදුසු වන බවයි ප‍්‍රකාශ කෙරුණේ.