Friday, March 29, 2024

General line - 0115112241

මහින්ද සමග පැවැති සාකච්ඡාවේදී පුළුල් සන්ධානයක් ගැන අනාවරණය වෙයි

සමන්ත කුමාර/පසන් වික්‍රමතිලක




තමන් ඇතුලූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එක් නොවන බව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා. එහෙත් ඒකාබද්ධ විපක්ෂය සමග පුළුල් සන්ධානයකට එළඹීමට තමන් සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. එම සාකච්ඡාව පැවැත්වුණේ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදීයි.

සාකච්ඡාවෙන් පසු නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් එස්. බී. දිසානායක හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

තමන් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් සමග සාකච්ඡාවල යෙදී සිටින්නේ කලක සිට බවද හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මෙහිදී කියා සිටියා. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ කෙරුණු සාකච්ඡාවද එහි තවත් අවස්ථාවක් බවයි ඔහු කියා සිටියේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ආණ්ඩුවේ තනතුරු අතහැරියේ අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාවෙන් පසුවයි.