Friday, March 29, 2024

General line - 0115112241

කුඹුරු ගොඩකිරීමට තවදුරටත් අවසර නොදෙයි

ඩිල්ෂාන් මඩවල




විධිමත් කරුණු සොයා බැලිමකින් පසු ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා තෙක් කුඹුරු ගොඩකිරිම සඳහා තවදුරටත් අවසර ලබා නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

සුළු වැස්සකදී පවා ඇතැම් ප‍්‍රදේශ යටවීමට එක් හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ අතහැර දැමූ කුඹුරු සහ වෙනත් වගුරු බිම් ගොඩකිරිමයි.

මේ වනවිටත් එලෙස කුඹුරු ගොඩකිරීම සඳහා අවසර ඉල්ලමින් බස්නාහිර පළාතෙන් පමණක් අයදුම්පත් 3,500ක් පමණ ලැබී ඇතැයි ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

කෙසේවෙතත් ඒ සියල්ල සඳහා අවසර ලබා දුනහොත් රටට විශාල හානියක් සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. බස්නාහිර පළාතේ ඇතැම් කුඹුරු ඉඩම් ආර්ථිකමය වශයෙන් ඵලදායී නොවුවද ඒවා අතුරු බෝග සඳහා යොදා ගත හැකි බවද ප‍්‍රකාශ කෙරුණා.