Thursday, April 25, 2024

General line - 0115112241

ඉපැරණි නුග වෘක්ෂය අවධානමකට ලක් වෙලා (PHOTOS)

ඉන්දික අරුණ කුමාර




ඓතිහාසික රංගිරි දඹුලු විහාරයේදී රාජාභිෂේකය ලැබීමෙන් පසු වීර ගොන්ගාලේ ගොඩ බණ්ඩා ගිමන් හැරි බව කියන නාඋල පිහිටි ඉපැරණි නුග වෘක්ෂය අවධානමකට ලක්ව තිබෙනවා.

ඇතැම් පිරිස් ආගමික වතාවත් සිදු කිරිමටද මෙම ස්ථානය භාවිත කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහෙත් මෙම නුග වෘක්ෂයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ බලධාරීන්ගේ අවදානය මෙතෙක් යොමු වී නැහැ.

මෙම ස්ථානය සංරක්ෂණ කටයුතු සඳහාද පියවර ගෙන නොමැති බව ප‍්‍රදේශවාසීන් පවසනවා. ඒ අනුව නුග වෘක්ෂයේ ඇතැම් කොටස් මේ වනවිටත් දිරාපත් වෙමින් තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.