Friday, April 19, 2024

General line - 0115112241

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය ගැන පැහැදිළි කිරීමක්

පවිත්‍රා මධුහර්ෂණී /පසන් වික්‍රමතිලක




පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට ජල ගැලීම් හේතුවෙන් තවදුරටත් බාධා පැමිණ තිබෙනවා.

එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට ලූණුවිලට සීමා කර තිබෙන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. 

මේ අතර වැසි ඇදහැලීම නිසා දුම්රිය මාර්ගය අවදානම් වීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ අඩු වේගයකින්. මේ නිසා දුම්රිය ප‍්‍රමාද වීම් සිදුවිය හැකි බවද  දුම්රිය පාලක මැදිරිය පැවසුවා.