Friday, April 26, 2024

General line - 0115112241

අභිරහස් භයානක ශබ්දයක් ගැන අමෙරිකාව අනතුරු අඟවයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයේ සිටින කාර්යය මණ්ඩලය වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ චීනයේ ගුවැන්ෂූ නගරයේ පිහිටි අමෙරිකානු කොන්සාල් කාර්යාලයේ සිටින අමෙරිකානු නිලධාරියෙකු අභිරහස් ශ‍්‍රවණාබාධ තත්ත්වයකට පත්වීමත් සමගයි.

විදෙස් වාර්තා පවසන පරිදි එම කොන්සාල් කාර්යාලයේ සේවයේ නියුතු අමෙරිකානු නිලධාරීන් හට යම් අසාමාන්‍ය අධිසංවේදී ශබ්දයක් ශ‍්‍රවණය වී තිබෙනවා. අදාළ නිලධාරියා එවැනි හඳුනානොගත් ශ‍්‍රවණාබාධයකට පත්ව ඇත්තේ ඉන් අනතුරුවයි. 

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් චීනයද දැඩි අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආර්ථික යුද්ධයකට පිවිස සිටින අමෙරිකාව සහ චිනය පසුගියදා යළිත් සිය හොඳ හිත වර්ධනය කර ගන්නා අයුරු දක්නට ලැබුණා.

ඒ අනුව මෙම තත්ත්වය දෙරටේ සබඳතා සඳහා ඍජු බලපැමක් කරනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

මීට පෙර කියුබාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් පිරිසක්ද මෙවැනිම අභිරහස් ශ‍්‍රවණාබාධ තත්ත්වයකට මුහුණ දුන්නා.