Tuesday, April 23, 2024

General line - 0115112241

16 දෙනාගේ කණ්ඩායම ගැන අනුර කුමාරගෙන් ඉල්ලීමක්

සජිත් තිලකරත්න




ආණ්ඩුවේ තනතුරු අතහැර විපක්ෂයට එක්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමට පක්ෂ නායක රැස්වීමේ වෙනම නියෝජනයක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක කථානායකවරයාගෙන් අද (24) ඉල්ලීමක් කළා.

නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ  සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු කාරක සභා සඳහා 16 දෙනාගේ කණ්ඩායමටද නියෝජනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි. එහිදී විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ ස්වාධීනව කටයුතු කරන බවට සඳහන් කරමින් ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමට පක්ෂ නායක රැස්වීමේදීත් නියෝජනයක් ලබා දෙන ලෙසයි.