Saturday, April 20, 2024

General line - 0115112241

එජාප නව ජාතික සංවිධායක වැඩබාර ගනියි (PHOTOS)

හේමන්ත කහවලගේ





එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස තේරීපත්වූ අමාත්‍ය නවීන් දිසානායක එම ධුරයේ නිල වශයෙන් වැඩ භාර ගැනීම පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (24) සිදු කෙරුනා. 

ආගමික නායකයින්ගේ ආශීර්වාද මධ්‍යයේ රාජකාරී ලිපියකට අත්සන් කිරීමෙන් වැඩ කටයුතු ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා එම ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත බාර දුන්නා. 

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළුව එක්සත් ජාතික පක්ෂයේ සියලු මැති ඇමතිවරුන්, අමාත්‍ය නවින් දිසානායකගේ මව වන ශ්‍රීමා දිසානායක ඇතුළු පවුලේ අය සහභාගිවී සිටියා.