Friday, April 19, 2024

General line - 0115112241

සුපිරි ක්‍රීඩක විරාත් කොලිගේ අභියෝගය ඉන්දීය අගමැති පිළිගනියි

සමන්ත කුමාර




ශාරිරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි ලබාදුන් අභියෝගයක් එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පිළිගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා මෙම අභියෝගය විරාත් කෝලි වෙත මුලින්ම ඉදිරිපත් කර තිබුණේ එරට කි‍්‍රඩා අමාත්‍ය රාජ්යවන්ද්‍රන් රාතෝර් විසින්. 

එම අභියෝගය සම්පූර්ණ කළ විරාත් කෝලි සිය ට්විටර් ගිණුම හරහා ඔහුගේ බිරිඳ වන අනුෂ්කා ශර්මාටත්, අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිටත්, ඉන්දීය සුපිරි කි‍්‍රකට් කි‍්‍රඩක මහේන්ද්‍ර සිං දෝණිටත් එම අභියෝගය ලබා දී තිබෙනවා. 

ඊට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ කෝලිගේ අභියෝගය භාර ගන්නා බවයි. ඉන්දියාව පුරා සමාජ මාධ්‍ය කළඹා ඇති එම ශාරිරික අභ්‍යාස අභියෝගය හැඳින්වෙන්නේ ‘‘ෆිට් ඉන්දියා’’ ලෙසයි.