Friday, April 19, 2024

General line - 0115112241

කෝප් කමිටු සාමාජිකයන් පිරිසකට මැතිසබයේදී විරෝධයක්

සජිත් තිලකරත්න




බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කෝප් කමිටුවට යළි පත් කිරීම සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේ, ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ.

කෝප් කමිටුවට සාමාජිකයින් පත්කිරීමේදී ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අනුව බැදුම්කර සිද්ධියේ ප්‍රධාන චුදිතයාගෙන් දුරකථන ඇමතුම් ලද ඇතැම් පුද්ගලයින්ව කෝප් කමිටුවට පත්කිරීම ගැන ඊයේ (23) දිනයේදී දැනුම් දුන් බවයි

කතානායක කරූ ජයසූරිය මහතා ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙස චෝදනාවන්ට ලක්වූ පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට වැරදිකරුවන් ලෙස නම් කර නැති හෙයින් ඔවුනව කෝප් කමිටුවට පත්කිරීමේ තීරණයේ වෙනසක් නැති බව ආණ්ඩු පක්ෂය දැනුම් දුන් බව මෙහිදී කියා සිටියා.  

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකද ඒ පිළිබද අදහස් පළ කළා.