Saturday, April 20, 2024

General line - 0115112241

ආපදාවට පත් රත්නපුරයේ ජනතාවට අසාධාරණයක්- ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීගේ පැමිණිල්ලට ඇමති නියෝගයෙන් පරීක්ෂණයක්




රත්නපුර දිස්ති‍්‍රක්කයේ අයගම ප‍්‍රදේශයේ ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත ආහාර ලබා දීමේ වැඩපිළිවෙල නිසි පරිදි සිදු නොවන බවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් විශේෂ පරීක්‍ෂණයක් කි‍්‍රයාත්මකයි. පසුගියදා (23* පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජානක වක්කුඹුර මේ පිළිබඳ විමසීමක් කර තිබිණ. මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ එවැනි කිසිදු අඩුපාඩුවක් සිදු වීමට රජය ඉඩ ලබා දී නොමැති බවයි. අවශ්‍ය පරිදි සියළු පහසුකම් සැලසීමට රජය කටයුතු සිදු කර ඇති බවද ඔහු පැවැසීය.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවදානය යොමු කළ රාජ්‍ය අමාත්‍යවරයා වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන්නේ මේ කාරණය පිළිබඳ පුළුල් විමසා බැලීමක් සිදු කරන ලෙසයි. අයගම ප‍්‍රදේශයේ ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීමේදී ග‍්‍රාමසේවා නිලධාරීන් හෝ වෙනත් නිලධාරීන් හෝ වගකීමෙන් යුතුව කටයුතු සිදු කර නොමැතිද යන්න විමසා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන ලෙසයි අමාත්‍යවරයා අමාත්‍යංශයේ ලේකම් සිසිර කුමාර වෙත උපදෙස් ලබා දී තිබුණේ. රත්නපුර දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් එම විමර්ශනය සිදු කිරීමට වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා පියවර ගෙන ඇත.