Thursday, April 25, 2024

General line - 0115112241

එංගලන්ත තරගය අතර වාරයේදී ICC ය පාකිස්තාන ක්‍රීඩාගාරයට කඩා වදියි

දිනුක් හේවාවිතාරණ




එංගලන්තය සමග ඊයේ (24) ආරම්භ වූ පාකිස්ථාන ටෙස්ට් තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය විසින් පාකිස්තාන ක්‍රීඩකයින්ට අවවාදාත්මක කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා.

ඒ පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් භාවිත කරනු ලබන " ස්මාර්ට් ඔරලෝසු" තරග බිමේදී පැළද සිටීම හේතුවෙන්.

පාකිස්තාන ක්‍රීඩකයින් වන අසාද් ෂෆීක් සහ බබාර් අසම් මෙලෙස "ස්මාර්ට් ඔරලෝසු" පැළද ක්‍රීඩා කර ඇති අතර ඔවුන්ගේ එම ඔරලෝසු ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් ගේ භාරයට ගෙන තිබෙනවා.

ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරින් පාකිස්තාන ක්‍රීඩකයින්ට දැනුම් දී ඇත්තේ කුමන ආකාරයේ හෝ සැකයක් ඇති කර නොගැනීමේ ක්‍රියාවලියක් ලෙස මෙලෙස "ස්මාර්ට් ඔරලෝසු" නොපලදන මෙන් තමන් ඉල්ලීමක් කරන බවයි.

තරගයේ පළමු දිනය අවසානයේදී පාකිස්තාන ක්‍රීඩක හසන් අලී ගෙන් මාධ්‍යවේදීන් මේ පිලිබදව විමසීමක් සිදුකල අතර එහිදී ඔහු කියා සිටියේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙලස "ස්මාර්ට් ඔරලෝසු පැළද ක්‍රීඩා කල බව තමන් නොදන්නා බවත්, විවේකය අතරවාරයේදී අයිසිසි නිලධාරින් ක්‍රීඩාගාරයට පැමිණ ඒ බව දැනුම් දී ඔවුන් සතු එවැනි ඔරලෝසු සිය භාරයට ගනු ලැබූ බවයි". අපි කිසිවෙක් එවැනි දේ ඉදිරියේදී භාවිතා කරන්නේ නැහැ හසන් අලි මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

 කෙසේ වුවත් අයිසිසි නීතියට අනුව සෑම ක්‍රිකට් තරගයකට පෙර ක්‍රීඩකයින් මෙන්ම කණ්ඩායමේ නිළධාරින් ඔවුන් සතු දුරකථන ආදිය දුෂණ මර්ධන ඒකකයේ නිළධාරීන්ට භාරදිය යුතු වනවා.

ඊයේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ පාකිස්තාන-එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පාකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ගොස් ලකුණු 50ක් වාර්තා කර තිබුනා. එංගලන්ත කණ්ඩායමේ පළමු ඉණිම ලකුණු 184 කට සිමා කිරීමට පාකිස්තාන ක්‍රීඩකයින් සමත් වුවා.