Friday, March 29, 2024

General line - 0115112241

කෝඩුකාරයන් සමග ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල අද කොදෙව් දේශයට.

කසුන් කැළුම්




ටෙස්ට් තරග සංචාරයකට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද රාති‍්‍රයේ බටහිර ඉන්දිය කොදෙව් දූපත් බලා පිටත්ව යනවා. දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්විමට නියමිතයි. මෙම ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායමට පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ විශේෂ පුහුණුසැසියකටද ඉකුත්දා එක් වුණා.

කී‍්‍රඩකයින් 17 දෙනෙකුන් යුත් ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරන අතර අන්තර් පළාත් සිවුදින කි‍්‍රකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් මහේල උඩවත්තද සංචිතයට ඇතුළත්ව සිටිනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායම කොදෙව් දේශයේදී ටෙස්ට් තරගාවලියකට එක් වන්නේ වසර 10කට පසුවයි. රංගන හේරත් හැරෙන්නට සංචිතයට නම් කළ අනෙක් කිසිදු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු මීට පෙර කොදෙව් දේශයේ දී ටෙස්ට් තරගාවලියකට කී‍්‍රඩා කර නැහැ.  

දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ජූනි මස 06 වැනිදා ටි‍්‍රනිඩෑඞ් හිදි ආරම්භ වීමට නියමිතව තිබෙනවා.