Friday, March 29, 2024

General line - 0115112241

හැටන් කොළඹ පාරේ කොටසක් වසා දැමේ - විකල්ප මාර්ග මෙන්න (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




ගිනිගත්හේන ප්‍රදේශයට තව දුරටත් ඊයේ (24) රාත්‍රියේ යේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල මංසන්ධියේ සිට ගිනිගත්හේන නගරය දක්වා අද (25) උදැසන සිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම පැවසුවා.

හැටන් සිට කොළඹ දක්වාත් කොළඹ සිට හැටන් දක්වාත් ගමන් ගන්නා සියළුම වාහන ගිනිගත්හේන ,කළුගල ,නොර්ටන් බ්‍රිජ් හරහා ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. හැටන් සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන හැටන්, කොටගල දිඹුල පතන නාවලපිටිය හරහා ධාවනය කරවන ලෙසයි පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටින්නේ.

ගිනිගත්හේන දියගල යලිත් නායයාම සක්‍රීය වී ඇති බැවින් පොලිසිසිය මහජන ආරක්ෂාව පතා මෙම පියවර ගෙන තිබෙනවා.