Saturday, April 20, 2024

General line - 0115112241

අගමැතිගේ දුවගේ සහ පුතාගේ නිවසින් අමෙරිකානු ඩොලර් මිලියන 29ක් සොයා ගනි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ක්වාලා ලාම්පූර් අගනුවර ආසන්නයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණ කිහිපයක සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී අමෙරිකානු ඩොලර් මිලියන 29 කට ආසන්න වටිනාකමකින් යුත් මුදල් ප‍්‍රමාණයක් සොයා ගත් බව මැලේසියානු පොලීසිය පවසනවා.  හිටපු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එරෙහිව සිදු කරන මූල්‍ය වංචා විමර්ශන මෙහෙයුම් වලට සමගාමිව මෙම සෝදිසි මෙහෙයුම සිදු කළ බවයි පොලීසිය පවසන්නේ.

එලෙස සෝදිසි මෙහෙයුම් සිදු කළ නිවාස සියල්ල හිටපු අග‍්‍රාමාත්‍යවරයාට මෙන්ම ඔහුගේ පුතුට සහ දියණියට අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම නිවාස තුල තිබී සොයා ගැනුනු සියලූ මුදල් වටිනාකමින් අධික අත්බෑග වල සූක්ෂමව අසුරා තිබූ බවයි පැවසෙන්නේ. රජයට අයත් මූල්‍ය අරමුදලක මුදල් ඔහුගේ පෞද්ගලික ගිණුමකට බැරවීම සම්බන්ධවයි නජීබ් රසාක්ට එරෙහිව චෝදනා එල්ල වන්නේ. ඔහුගේ නිවසේ තිබී මීට පෙර සොයා ගැනුනු මුදල් අතර ශී‍්‍ර ලංකා මුදල් තොගයක්ද වුණා.

ඉකුත් දා පැවැති මහමැතිවරණයෙන් පරාජය වීමෙන් අනතුරුව නජීබ් රසාක්ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් හට රටින් පිටවීමද තහනම් කර තිබෙනවා.