Friday, March 29, 2024

General line - 0115112241

ධනංජය වෙනුවට වෙනත් කි‍්‍රඩකයෙකු - මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ

කසුන් කැළුම්




සිය පියාගේ අභාවය හේතුවෙන් ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අද එක් නොවන බව ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. ටෙස්ට් තරග 03කට සහභාගී වන ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ අද (25) රාති‍්‍රයේයි.

ධනංජය වෙනුවට වෙනත් කි‍්‍රඩකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි කි‍්‍රකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.